iranama
ලග්නය විතරක් නොවෙයි ලග්නාධිපතිගැනත් දැනගන්න
රවි කොතැනක හෝ සිට ලග්නාධිපතිගේ දෘෂ්ටිය ලැබුවොත් හෙතෙම රාජ්‍ය ආයතනයක රැකියාවක් කරයි. ලග්නය සඳුට පෙනේ නම් ජන්මියා සාගරයෙන් එහා හෝ සාගරයට සම්බන්ධකම් ඇති රැකියාවක යෙදේ. රාහු ද එයට අනුබල දෙයි.
ලග්නය බුදට, ගුරුට, සිකුරුට පෙනුනොත් එකී ග්‍රහයාගේ කාරකත්වයට නෑකම් කියන රැකියාවක යෙදේ. ලග්නය කිසිම ග්රහයෙකුට නොපෙනෙයි නම් ලග්න රාශියට අයත් ග්‍රහයාගේ ස්වභාවය ජන්මියාට පැවැරේ. ලග්න රාශිය ශුභ ග්‍රහයන් වැඩි දෙනෙකුට පෙනෙයි. නම් හෙතෙම ප්‍රීතියෙන් ජීවත්වේ. ලග්නාධිපති 10 වැන්නට හොඳයි. 10 අධිපතිත් ලග්නයේම නම් උසස් රැකියාවක යෙදේ. ලග්නාධිපති 6 ට 8 ට 12 ට යහපත් නැත. කරදර බාධක බහුලය. සමහර විට රෝහලට සිරගෙට නෑකම් කියයි.
මොන තරම් බල සම්පන්න කේන්ද්‍රයකට වුවද ජීවන ගමනේ අතරමගදී බාධක හරස් විය හැකිය. ඵල දරන අවස්ථාවේ ගසක් බිමට පෙරැළෙන්නාක් මෙන් මාරක දශක එළැඹිය හැකිය. පහත සඳහන් කේන්ද්‍රය කලාතුරකින් දක්නට ලැබෙන ග්‍රහ පිහිටීම් සහිත එකකි.
මේ කේJද්‍රයේ ලග්නාධිපති බුද දුෂ්ට රාශියක් වූ 8 වැන්නේය. තද පාපියකු වූ කුජ සමඟ යෝගව ඇත. ඒ අශුභ පිහිටීම හැර අනෙක් හැම ග්‍රහ පිහිටීමක් ම බලවත් ය.
ආලෝක ග්‍රහයන් දෙදෙනා වන රවි - සඳු දෙනොගේ පිහිටීම යහපත් ය.
කෙන්ද්‍රයේ අදෘෂ්‍යමාන පැත්තේ ග්‍රහයන් අඩුය. එ නිසා සැඟවුණු රෝග නැත. පංච මහා යෝගයන්ට අයත් මාලවී යෝගය හා හංස යෝග සුවිශේෂ ග්‍රහ පිහිටීමකි. සිකුරු මිථුන ලග්නයට යෝග කාරකයා ය. ගුරු 10 අධිපතියා ය. ඒ දෙදෙනාම 10 වැන්නේ සුවිශේෂ බලයක් නිර්මාණය කරගෙන ඇත. එසේම 9 න් 9 වැන්නාධිපති හා 10 ත් 10 වැන්නාධිපති යෝගව උච්චව හා ස්වක්ෂේත්ර බල සහිතව 10 වැන්නේ ය. ප්‍රධාන තැනක වැජඹෙන යෝගයකි. ඒ වූ කලී කලාතුරකින් පිහිටන සුවිශේෂ ග්‍රහ පිහිටීමකි.
කුජ, වර්ගෝත්තමව බලවත්ව සිටීමත් කැපී පෙනෙන ග්‍රහ යෝගයකි. ලග්නාධිපති සිටින්නේ එම බලවත් කුජ සමඟ යෝගව ය. කෙනකුට අවනත නොවන, යටත් නොවන ග්‍රහ පිහිටීමකි.
දෙවැන්නේ සිටි සඳු ලග්නාධිපතිගේම නැකතක 2 වන දෙර්කානයට නෑකම් කියයි. එය ධන යෝගයකි. 3 අධිපති රවි භාග්‍යස්ථානයේ ය. අධ්‍යාපනය ගැන කියන 5 අධිපති මේ කේන්ද්‍රයට යෝග කාරක බලවතා වී ගුරු සමඟ 10 වැන්නේ වීම ඉතාම කලාතුරකින් දක්නට ලැබෙන ග්‍රහ යෝගයකි. ඒ නිසා විද්‍යා උපාධිය ලැබීමට හැකිවීම සුවිශේෂ දැනුමෙන් ද අග්‍රගන්‍යයි. 8, 9 අධිපති ශනි උපතින් ලග්නයේ ය. සතුරු බලවේගවල අඩුවක් නැත. ඒත් අකම්පිතය.
11 අධිපති කුජ 11 දකිමින් ජන්ම කේන්ද්‍රයේ 8 වැන්නේ වීම නිසා ගේ දොර යාන වාහන පවා පරිත්‍යාග වශයෙන් ලබන කෙනෙකි. ගුරු - සිකුරු දෙදෙනාම බලවත් සඳුගෙන් 9 වැන්නේ වීමත් ධන යෝගයකි. 2 වැන්නේ සිටින බලවත් සඳු අයස්ථානය දැකීමත් ධන යෝගයකි. ලග්න කේJද්‍රයේ ස්වක්ෂේත්ර ගුරු නවාංශක කේන්ද්‍රයේ උච්චව සිටි සියලු සැප පහසුකම් ලබන යෝගයකි.
ලග්න කේන්ද්‍රයේ උච්ච සිකුරු නවාංශක කේන්ද්‍රයේ නීචය. ඒ නිසා විවාහයක ලකුණු නැත. එසේ මාලවී යෝගයට හසුවුණු සිකුරු අලෞකික ගුරු සමඟ යෝගවූ නිසාත්, 7 වැන්න වක්‍ර වූ ශනිට පෙනෙන නිසාත් විවාහයක ලකුණු නැත. එය බොහෝ විට පැවිදි යෝගයකට නැඹුරුය. 7 වැන්න පාපීන් දෙදෙනකුට මැදිව පාප කර්තරීව ඇත. ඒ නිසාත් විවාහයක ලකුණු නැත.
22 වැනි දෙර්කාණයකට හිමිකම් ලද බුද, ආයුධ කාරක කුජ සමඟ යෝග වීම නිසා වයස 59 පමණ වන විට ආයුධයකින් හෝ සැත්කමකින් පීඩා ලබයි. ජන්ම කේන්ද්‍රයේ 4 සහ 6 අධිපති ග්‍රහයන් දෙදෙනාම 8 වැන්නේ වීම නිසා උසාවිය හෝ රෝහලකට සම්බන්ධ ලකුණු පෙන්වයි.
මේ ජන්මියා නීතිය හදාලේ නම් විනිශ්චයකරුවෙකි. දේශපාලනයට නැඹුරු වූයේ නම් ඇමැතිවරයෙකි. ජන්ම කේන්ද්‍රයේ පුර සඳු 2 වැන්නේ වීම නිසා දැවැන්ත වාග් ශක්තියක් පෙන්වයි. අනුන් වසඟ කිරීමේ වාග් ශක්තියක් වේ.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks